දිල්ලි ගංඟා රැසක ජල මට්ටම ඉහළට

ජූලි 13, 2023

    ඉන්දියාවට බලපා ඇති දරුණු ගංවතුර තත්වයත් සමග මේ වන විට දිල්ලි අගනුවර ආශ්‍රිත ගංඟා රැසක ජල මට්ටම ඉහළ ඉහළ ගොස් තිබෙනවා.

    පවතින ‍අවදානම් තත්වය හමුවේ පදිංචිකරුවන් දහස් ගණනක් ප්‍රදේශයෙන් මේ වන විට ඉවත් කරමින් සිටිනවා.

    දිල්ලි අගනුවරට බලපා ඇති ගංවතුර තත්වය වසර 45 කට පසු වාර්තා වූ ඉහළම අගය බවත්, ප්‍රදේශ රැසක අවදානම් සංඥා නිකුත් කොට ඇති බව, මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් පවසනවා.

    මෝසම් වැසි සමය ආරම්භයත් සමග පසුගිය සති කිහිපය තුළ "හිමාචල්" ප්‍රදේශයෙන් පුද්ගලයින් 88 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වුණා.

    දිල්ලි නගරයේ තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන 2000 කට අධික සංඛ්‍යාවක් පිහිටුවා ඇති අතර, යමුනා ගගේහි ජල මට්ටම ඉහළයාමෙන් ඒ අවට ජිවත් වන අවදානමට ලක් වූ ජනතාව රැඳවුම් මධ්‍යස්ථාන කරා යොමු කොට තිබෙනවා.

    Latest News