පකිස්තානයේ මෝසම් වැසි නිසා 40කට වැඩි පිරිසක් මරුට

ජූලි 06, 2023

    පකිස්තානයේ මෝසම් වැසි බලපෑමෙන් මේ වන විට 40 කට වැඩි පිරිසක් මිය‍ ගොස් ඇති බව, එරට මාධ්‍ය සඳහන් කරනවා.

    අධික වැසි පවතින්නේ ඉකුත් මාසයේ සිටයි. පකිස්තානයට මේ වන විටත් වාර්තාගත වර්ෂාපතනයක් පවතින බව, වාර්තා වනවා.

    බලධාරීන් පවසන්නේ, අධික වර්ෂාපතනය හේතුවෙන් ඉකුත් පැය 24 තුළ 11 දෙනෙකු මියගොස් ඇති බවයි. බොහෝ ප්‍රදේශවල දැඩි ගංවතුර තත්වයක් පවතිනවා. අධික වර්ෂාවෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ, ඊසාන දිග පන්ජාබ් පලාතටයි. ඇතැම් ප්‍රදේශවල විදුලිය ද විසන්ධිවී ඇති අතර, නාය අනතුරු කිහිපයක් ද වාර්තා වනවා. ලාහෝර් නගරයට ඉකුත් අඟහරුවාදා පැය 10 ක කාලයක් ඇතුළත මිලිමීටර 291 ක වාර්තා ගත වර්ෂාපතනයක් ලැබී තිබුණා. ඇතැම් ප්‍රධාන මාර්ග ද මේ වන විට ජලයෙන් යටවී පවතිනවා. පන්ජාබ් සහ තවත් පළාත් කිහිපයකට ඉදිරි පැය 24 තුළ තවදුරටත් අධික වර්ෂාපතනයක් අපේක්ෂා කෙරෙන බව, පාකිස්තාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

    Latest News