පකිස්තානයේ මරණ 55 දක්වා ඉහළට

ජූලි 07, 2023

    පකිස්තානයට මේ දිනවල බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් මිය ගිය පුද්ගල සංඛ්‍යාව 55 දක්වා ඉහළ ගොස් තිබෙනවා. බලධාරීන් පවසන්නේ, ඒ අතර දරුවන් 8 දෙනෙකු ද සිටින බවයි.

    පකිස්තානයේ නැගෙනහිර ලාහෝර් නගරයට අධික වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. එහි බොහෝ මාර්ග ජලයෙන් යටව පවතින බවයි, වාර්තා වන්නේ.

    නගරය ආශ්‍රිත ප්‍රදේශයට තවදුරටත් අධික වර්ෂාපතනයක් අපේක්ෂා කෙරෙන බව, එරට කාලගුණ අනාවැකි ඒජන්සිය පවසනවා.

    හදිසි ගංවතුර අවදානම තවත් ඉහළ ගොස් ඇති බව, බලධාරීන් පෙන්වා දෙනවා.

    පකිස්තාන මාධ්‍ය සඳහන් කරන්නේ, පන්ජාබ් පළාතේ ඇතැම් ගංගා පිටාර ගලමින් පවතින බවයි. ඇතැම්
    ප්‍රදේශවලට නාය යෑම් සම්බන්ධ අනතුරු ඇගවීම් ද නිකුත් කර තිබෙනවා.

    Latest News