ඊශ්‍රායල-පලස්තීන ගැටුම්වලින් 13ක් මරුට

ජූලි 05, 2023

    ඊශ්‍රායල හමුදාව, බටහිර ඉවුරේ ජෙනින් සරණාගත කඳවුරෙන් ඉවත් වෙමින් සිටින බව වාර්තා වනවා.

    දෙදිනක් පුරා පැවති සටන්වලදී පලස්තීන සටන්කාමීන් 12 දෙනෙකු හා ඊශ්‍රායල හමුදා සෙබලෙකු මියගියා.

    ඊයේ දිනය පුරා ජෙනින් සරණාගත කඳවුර පුරා වෙඩිහඬ හා පිපුරුම් හඬ ඇසුනු බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ඊශ්‍රායල හමුදාව ඉකුත් සඳුදා දියත් කළ ඩ්‍රෝන ප්‍රහාර මාලාව හමුවේ පලස්තීන සටන්කාමීන් වෙඩි ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළා. ඊයේ ඇතිවූ ගැටුම්වලින් පලස්තීනුවන් 9 දෙනෙකු මියගියා. ගාසා තීරයේ පලස්තීන සටන්කාමීන් විසින් දකුණු ඊශ්‍රායලට එල්ල කළ රොකට් ප්‍රහාර 5 ක් තමන් වැළැක්වූ බවයි ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ. මේ අතර, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඊශ්‍රායල මෝටර් රථවලට කඩාවැදී පිහිඇණුම් ප්‍රහාරයක් සිදු කොට තිබෙනවා. ඔවුන් පවසා ඇත්තේ, මෙය ඊශ්‍රායල හමුදා ජෙනින් ප්‍රහාරයට එරෙහිව සිදු කළ ප්‍රතිප්‍රහාරයක් බවයි. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ, පලස්තීනුවන් සිදු කරන ප්‍රහාර හමුවේ තමන් සිදු කරන කිසිදු ක්‍රියාමාර්ගයක් වැළැක්විය නොහැකි බවයි. ඊශ්‍රායල බලධාරීන් පවසන්නේ, ජෙනින් සරණාගත කඳවුර ත්‍රස්තවාදයට රැකවරණය දීම වැළැක්විය යුතු බවයි. එහෙත්, තම සරණාගත කදවුරට ප්‍රහාර එල්ල කිරීම යුද අපරාධයක් ලෙස සැලකිය හැකි බව පලස්තීනුවන් පෙන්වා දෙනවා.

    Latest News