බෝට්ටුවෙන් ගිය අවසන් ගමන

ජූනි 15, 2023

    ග්‍රීසියේ දකුණු දිග වෙරළට ඔබ්බෙන් මුහුදේ දී, ධීවර යාත්‍රාවක් පෙරළී 75 දෙනෙකු මිය ගොස් තිබෙනවා. යාත්‍රාවේ සිටි 100 දෙනෙකු පමණ බේරා ගැනුණා.

    සංක්‍රමණිකයන් පිරිසක් රැගත් ධීවර යාත්‍රාවකුයි, මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.

    මෙය, ග්‍රීසිය ආශ්‍රිත මුහුදේ දී සිදු වූ දරුණු ඛේදවාචකයක් බව, එරට රජය පවසනවා. මේ නිසා දින 3 ක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කෙරුණා.

    යාත්‍රාවේ සිටි කිසිවෙකු ජීවිත ආරක්ෂක කබා පැළඳ නොසිටි බවයි, හෙළිවී ඇත්තේ.යාත්‍රාව ලිබියාවේ සිට ඉතාලිය දක්වා ගමන් කරන්නට සැලසුම් කර තිබූ බවටයි, අනුමාන කෙරෙන්නේ.

    එහි සිටි බහුතරය පිරිමි පුද්ගලයන් වන අතර, මිය ගිය අය කුමන ජාතියකට අයත් ද යන්න‍ තවමත් ප්‍රකාශයට පත් වී නැහැ.

    Latest News