දිය නෑමට ගිය මව සහ දරුවන් දෙදෙනා සැඩ පහර‍ට හසු වෙයි

අගෝ 25, 2024
    දැදුරු ඔයෙහි දිය නෑමට ගිය මවක සහ දරුවන් දෙදෙනෙකු ජල පහරට ගසාගෙන ගොස් මිය යාමේ අවාසනාවන්ත පුවතක් අද වාර්තා වුණා.
    ඒ, කුරුණෑගල මහමූකලන්යාය, බෝගමුව ප්‍රදේශයෙන්.
    බෝගමුව ප්‍රදේශයේ පෞද්ගලික වත්තක මුර රාජකාරියේ යෙදුණු පවුලක මව සහ දරු දෙදෙනායි, මෙලෙස මියගොස් තිබෙන්නේ.
    ඔවුන් පදිංචි ස්ථානය අසලින් ගලායන දැදුරු ඔයෙහි අද පෙරවරුවේ දිය නෑමට ගිය අවස්ථාවේ මෙලෙස ගසාගෙන ගොස් ඇති බව, පොලිසිය පවසනවා.
    එම ස්ථානයේම දියනෑමට අද දහවල් පැමිණි පිරිසක් මව සහ දරු දෙදෙනාගේ පාවහන්, ඇඳුම් සහ බාල්දිය දැක අවට පරීක්ෂා කොට තිබෙනවා.
    පසුව ඔවුන් ගම්වාසීන් සමග කළ සෝදිසි කිරීමේදී දස හැවිරිදි දරුවාගේ මෘත දේහය හමු වී තිබෙනවා.
    තිස් හතර හැවිරිදි මවගේ සහ පස් හැවිරිදි අනෙක් දරුවාගේ මෘත දේහ සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි.

    Latest News