ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වෙයි

ජන 19, 2025

    ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ රාවය පුවත්පතේ හිටපු කර්තෘ වික්ටර් අයිවන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

    1949 ජුනි 26 වැනිදා උපත ලැබු එම මහතා මියයන විට 75 වැනි වියේ පසුවුණා.

    රාවය පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ වූ ඔහු, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා දායකවූ පුරෝගාමියෙක්.

    71 කැරැල්ල, අර්බුදයේ ගමන් මග, දෙමළ අභියෝගය, සාම ගිවිසුමේ සිට දෝෂාභියෝගය දක්වා, සෙස් මූලධර්ම, තාක්ෂණය, චෞර රැජින ඇතුළු ග්‍රන්ථ රැසක කතුවරයා වූයේද වික්ටර් අයිවන් මහතායි.

    එමෙන්ම, දේශකයෙකු ලෙස සමාජ ආර්ථික දේශපාලන හා සංස්කාතික ක්‍ෂේත්‍රවල මතවාදී මැදිහත්වීමක් සිදු කර තිබෙනවා.

    ජනතා විමුක්ති පෙරමුණේ, මුල් කාලීන සාමාජිකයෙක් වූ වික්ටර් අයිවන් මහතා 1971 කැරැල්ලේ ප්‍රමුඛ පෙලේ සාමාජිකයෙකුද වුණා.

    Last modified on ඉරිදා, 19 ජනවාරි 2025 18:02

    Latest News