“බිපර්ජෝයි” නිසා 280,000ක් ආරක්ෂිත ස්ථාන වෙත

ජූනි 16, 2023

    “බිපර්ජෝයි” ප්‍රබල සුළි කුණාටුවේ බලපෑමෙන්, වයඹදිග ඉන්දියාවේ සහ පාකිස්තානයේ දකුණු වෙරළබඩ ප්‍රදේශවලට මේ වන විට තද සුළං සහ අධික වර්ෂාපතනයක් පවතින බව වාර්තා වනවා.

    දෙරටේ එක්ලක්ෂ 80,000 කට අධික පිරිසක් මේ වන විටත් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර අවසන්.

    “බිපර්ජෝයි” සුළි කුණාටුව මේ වන විට ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයට ඇතුළු වී තිබෙනවා. එය, පැයට කිලෝමීටර 108 ක වේගයකින් හමා යමින් පවතින බවයි, ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
    එහි බලපෑම නිසා ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවල විදුලි රැහැන්වලට ද හානි සිදුව තිබෙනවා. ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් සඳහා ඉන්දීය ත්‍රිවිධ හමුදාව සහ වෙරළාරක්ෂක භටයින් ස්ථාන ගත කර ඇති බවයි, ඉන්දීය රජය පවසන්නේ. වසර 25 කට පසු එරටට බලපෑ දරුණුතම සුළි කුණාටුව මෙයයි. “බිපර්ජෝයි” සුළි කුණාටුව පකිස්තානයේ “සින්ද්” පළාතේ වෙරළ තීරයට ඇතුළු වනු ඇතැයි, අපේක්ෂා කෙරෙනවා.

    Latest News