ඉඩායි කුණාටුවෙන් මිය ගිය ගණන 700ක්

මාර් 24, 2019

    දකුණු දිග අප්‍රිකාවට බලපෑ ඉඩායි සුළි කුණාටුවෙන් මිය ගිය සංඛ්‍යාව 700 දක්වා ඉහළ ගොස් තිබේ.

    මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි අපේක්ෂා කෙරෙන්නේ. ඉඩායි සුළි කුණාටුවෙන් මලාවි, මොසැම්බික් හා සිම්බාබ්වේ යන රාජ්‍යවලට දැඩි බලපෑම් එල්ල විය. මරණ 240කට අධික සංඛ්‍යාවක් වාර්තා වූ මොසැම්බික් රාජ්‍යයේ එය 417 දක්වා ඉහළ ගොස් තිබේ. සිම්බාබ්වේ රාජ්‍යයෙන් ද මරණ 250කට අධික සංඛ්‍යාවක් වාර්තා විය. මලාවි රාජ්‍යයේ මියගිය සංඛ්‍යාව 56ක්. ඉඩායි සුළි කුණාටුවෙන් බලපෑම් එල්ලවී ඇති සංඛ්‍යාව ලක්ෂ 17ක්. සුළි කුණාටුවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමේ දී විශාල අභියෝගයකට එම රටවල බලධාරීන් මුහුණ දී ඇති බවයි , වාර්තා වන්නේ.

    Last modified on ඉරිදා, 24 මාර්තු 2019 12:20

    Latest News