මොසැම්බික් රාජ්‍යත් ඉන්ධන අර්බුදයක

ජූලි 02, 2022

    මොසැම්බික් රාජ්‍ය ඉන්ධන අර්බුදයකට ලක්ව තිබෙනවා.

    එරට ප්‍රධාන ඉන්ධන සැපයුම් සමාගම් 02ක් ඉන්ධන අලෙවිය නවතා දැමීමට ගත් තීරණයත් සමග රට තුළ අඛණ්ඩ තෙල් සැපයුමට බාධා එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ. දෙසතියක සිට පූමා සහ වීවෝ එනර්ජි නැමති ප්‍රධාන බලශක්ති සැපයුම්කරුවන් ඉන්ධන බෙදාහැරීම අවම කර ඇත. ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යාම මෙසැම්බික් රාජ්‍යයට ද බලපා ඇත.

    එරට බලධාරින් වැඩිවන ඉන්ධන මිල ස්ථාවර මට්ටමක පවත්වාගැනීම සඳහා පාලන මිලක් ක්‍රියාත්මක කර තිබේ. එහෙත් එරට ඉන්ධන සැපයුම් කරන සමාගම් පවසන්නේ, ලෝක වෙළඳපොලෙ ඉහල යන බොර තෙල් මිල හා සැසඳීමේදී මොසැම්බික් බලධාරින් හඳුන්වාදුන් පාලන මිලට තෙල් බෙදා හැරීම අපහසු කාරණයක් බවත්, තම සමාගම්වලට දැරීමට සිදුව ඇති පාඩු අධික බවත් ඔවුන් පෙන්වා දෙනවා.

    අදාළ සමාගම් දෙක ඒකමතිකව තීරණය කර ඇත්තේ, මොසැම්බික් රජය ක්‍රියාත්මක කර ඇති පාලන මිල ඉවත්කොට ඉන්ධන මිල ඉහළ දමන තෙක් පිරවුම්හල් සඳහා තෙල් සැපයුම් නොකිරීමටයි. පවතින තත්ත්වය හමුවේ ඉන්ධන ආනයනයට අවශ්‍ය බැංකු ඇපකරවලට වඩා රජයේ ණය වැඩිවිය හැකි බවට, එරට ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවනවා.

    Last modified on සෙනසුරාදා, 02 ජූලි 2022 11:44

    Latest News