ආසියාවට එන්න හදන නේටෝ කන්තෝරුව

මැයි 11, 2023

    නේ‍ටෝ සංවිධානයේ සම්බන්ධතා කාර්යාලයක් ජපානයේ විවෘත කිරීමට සූදානම් වනවා.

    ජපානයේ සහ නේටෝ සංවිධානය අතර, ඊට අදාළ සාකච්ඡා ආරම්භ වී ඇති බවයි, විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

    නේටෝ සංවිධානයට අයත් කාර්යාලයක් ආසියාව තුළ විවෘත කෙරෙන පළමු අවස්ථාව මෙයයි.

    ඒ සම්බන්ධයෙන් ජපාන විදේශ අමාත්‍ය යොෂිමසා හයාෂී සඳහන් කළේ, රුසියාව, යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග ගෝලීය ස්ථාවරත්වය සම්බන්ධයෙන් අර්බුදකාරී තත්වයක් හට ගෙන ඇති බවයි.

    සාකච්ඡා ආරම්භ කළ ද නේටෝ කාර්යාලයක් ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට දෙපාර්ශ්වය මෙතෙක් එළඹ නැහැ.

    1949 දී ආරම්භ කළ නේටෝ සංවිධානය, උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය වනවා.

    සාමාජික රටවල ජානතාව සහ භූමිය ආරක්ෂා කිරීමේ අරමුණින් ඇරඹි නේටෝ සංවිධානය, යුරෝපයේ සහ උතුරු අමෙරිකාවේ රටවල් 31කින් සමන්විතයි.

    Latest News