නිව්යෝර්ක් ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ

සැප් 03, 2021

    ඇමෙරිකාවේ ප්‍රාන්ත ගණනාවකට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි



    අයිඩා සුළි කුණාටුව සමග ඇති වූ අඛණ්ඩ වර්ෂාව හේතුවෙන් ඇමෙරිකාවේ නිව්යෝර්ක්, නිව්ජර්සි සහ නිව් ඔලින්ස් ප්‍රාන්තවලට දැඩි ගංවතුර තත්ත්වයක් ඇති වී ඇත

    මහාමාර්ග යටවීම හේතුවෙන් ගමනාගමනය ද ඇණහිට ඇති බවයි වාර්තා වන්නේ.නිව් ඔලින්ස් ප්‍රාන්තයේ විදුලි සැපයුම ද තවමත් යථාතත්ත්වයට පත් කිරීමට නොහැකි බවයි පැවසෙයි

    අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිව්යෝර්ක් සහ නිව්ජර්ස් ප්‍රාන්තවලට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇත

    ගංවතුර තත්ත්වයක් හේතුවෙන් නිව්යෝර්ක් ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ ප්‍රථම අවස්ථාව මෙය ලෙස ද සැළකෙයි

    Latest News