තුර්කියේ නවතම ප්‍රහාරක ගුවන් යානය "කාන්"

මැයි 02, 2023

    තුර්කිය විසින් නිෂ්පාදිත නවතම "ප්‍රහාරක ගුවන් යානය" ඊයේ එළිදක්වනු ලැබුවා.

    "කාන්" යනුවෙන් නම් කර ඇති මෙය, එළිදක්වනු ලැබුවේ තුර්කි ජනාධිපති තායිත් එර්දොවාන් විසින්.

    පස් වැනි පරම්පරාවේ ගුවන් යානයක් වන එය, නවීන පහසුකම් රැසකින් සමන්විත බවයි, වාර්තා වන්නේ. මෙම යානය සේවයට යෙදවීමත් සමග තුර්කියේ යල් පැන ගොස් ඇති "එෆ් 16" ගුවන් යානා වෙනුවට ඒවා භාවිත කෙරෙණු ඇති. ‍මීටර් 21 ක දිගින් යුත් මෙම ගුවන් යානයට ශබ්දයේ වේගය මෙන් දෙගුණයකට ආසන් වේගයකින් ගමන් කිරීමේ හැකියාව පවතිනවා. එසේම, මෙම යානය ගුවන් ගත වී තිබෙන විට හඳුනා ගැනීමට අපහසු බවයි, තුර්කිය පවසන්නේ. තවත් වසර කිහිපයක් පරීක්‍ෂණ තත්වයේ පවතින මෙම යානය, ඉදිරියේ දී තුර්කි හමුදාව වෙත එක් වීමට නියමිතයි.

    Latest News