සන්නද්ධ කණ්ඩායමක් සුඩානය වනසයි

අප්‍රේ 16, 2023

    සුඩාන හමුදාව සහ සන්නද්ධ කණ්ඩායමක් අතර ගැටුම් තවදුරටත් උත්සන්න වී ඇති බව, විදෙස් මාධ්‍ය වාර් තා කරනවා.

    එම ගැටුම්වලින් මේ වන විට පුද්ගලයින් 56 දෙනෙකු මියගොස් ඇති බවයි, එම මාධ්‍ය සඳහන් කරන්නේ.

    සුඩාන හමුදාව සහ සන්නද්ධ කණ්ඩායමක් අතර, උත්සන්න වී ඇති ගැටුම් හේතුවෙන් තවත් හයසීයකට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි, වාර්තා වන්නේ. ගැටුම්වලින් මියගිය පිරිස අතර එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනෙහි කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු ද සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

    එරට ජනධිපති මන්දිරය, රාජ්‍ය රූපවාහිනිය සහ හමුදා මුලස්ථානය ආශ්‍රිතව ගැටුම් වර්ධනය වී ඇති බවයි, වාර්තා වන්නේ. සුඩානයේ "කාටූම්" අගනුවර වැසියන්ට සිය නිවෙස්වලම රැඳි සිටින ලෙසයි, එරට බලධාරින් දැනුම් දී ඇත්තේ.

    "ඩාෆූර්" කලාප‍යේ නගරවල මෙන්ම එරට ප්‍රදේශ කිහිපයකම ප්‍රචණ්ඩ ක්‍රියා සිදුව ඇති බව, සුඩාන බලධාරින් පවසනවා. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, සුඩානයේ යෝජිත සිවිල් පාලනය සම්බන්ධයෙන් ක්‍රමයෙන් පැන නැගුණු අර්බුදයක් හමුවේ මෙලෙස ගැටුම් ආරම්භ වූ බවයි.

    Latest News