දිය යට ප්‍රහාරක ඩ්‍රෝන යානයක් උතුරු කොරියාවෙන්

අප්‍රේ 08, 2023

    උතුරු කොරියාව දිය යට ක්‍රියාත්මක තවත් න්‍යෂ්ටික ප්‍රහාරක ඩ්‍රෝන යානයක් අත්හදා බලා තිබෙනවා.

    උතුරු කොරියානු බලධාරීන් පවසන්නේ, මෙම අත්හදා බැලීම සිය අවිආයුධ පුළුල් කිරීමේ සහ නවීකරණය කිරීමේ අඛණ්ඩ වැඩපිළිවෙළෙහි තවත් පියවරක් වන බවයි.

    නව ප්‍රහාරක ඩ්‍රෝන යානය නම් කර ඇත්තේ, “හෙයිල් - ටූ” ලෙසයි. සති තුනක් තුළ උතුරු කොරියාව අත්හදා බැලූ දිය යට ක්‍රියාත්මක දෙවැනි න්‍යෂ්ටික ප්‍රහාරක ඩ්‍රෝන යානය මෙයයි. “හෙයිල් - ටූ” හෙවත්, කොරියානු භාෂාවේ “සුනාමිය” ලෙසින්, අර්ථ දැක්වෙන මෙම නව ඩ්‍රෝන යානය මගින්, සිය සතුරු මුහුදු කලාපවල දී උපායමාර්ගික ලෙස සාර්ථක ප්‍රහාරය දියත් කිරීමට හැකි බව, උතුරු කොරියානු බලධාරීන් පවසනවා. “හෙයිල් - ටූ” නව න්‍යෂ්ටික ප්‍රහාරක ඩ්‍රෝන යානය, දිය යට කිලෝමීටර දහසක දුරක් දක්වා ගමන් කිරීමෙන් අනතුරුව, සාර්ථකව පුපුරවා හරිනු ලැබ තිබෙනවා. නව ඩ්‍රෝන යානය අත්හදා බැලීමත් සමග විශ්වසනීය සහ මාරාන්තික ප්‍රහාර දියත් කිරීමේ හැකියාව තහවුරු වූ බවයි, උතුරු කොරියානු බලධාරීන් පවසන්නේ.

    Latest News