පෝලන්ත ජෙට් යුක්රේන අහසට

අප්‍රේ 06, 2023

    යුක්‍රේන හමුදාවන්ට අවශ්‍ය ප්‍රහාරක ජෙට් යානා ලබා දෙන බව පෝලන්ත රජය පවසනවා.

    විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, එය රැසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණයට පියවර ගැනීමෙන් පසු යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පෝලන්තයේ කළ පළමු නිල චාරිකාවෙහි ප්‍රතිඵලයක් බවයි.

    යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සිය හමුදාවන්ට අවශ්‍ය ප්‍රහාරක ජෙට් යානා ලබා ගැනීම සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා පෝලන්තයේ නිල චාරිකාවක නිරත වූ බවයි, වාර්තා වන්නේ.

    යුක්‍රේන ජනාධිපතිවරයා සහ පෝලන්ත ජනාධිපති “අන්ද්‍රෙයි ඩූඩා” අතර හමුවේදී පෝලන්ත ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ යුක්‍රේන හමුදාවන්ට අවශ්‍ය ප්‍රහාරක ජෙට් යානා ලබා දීමට සිය රජය ඉදිරිපත් වන බවයි.

    ඒ අනුව, පෝලන්තය සතු “මිග් - 29” ජෙට් යානා යුක්‍රේනය වෙත ලබා දීමට පියවර ගන්නා බවයි, පෝලන්ත ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත්තේ.

    යුක්‍රේන හමුදාවන්ට අවශ්‍ය “ලෙපර්ඩ් - 2” යුද ටැංකි ලබා දීමට ප්‍රතිඥා දුන් පළමු රට වන්නේද පෝලන්තයයි. යුක්‍රේන හමුදාවන්ගේ යුද ශක්තිය ඉහළ නැංවීමට ලබා දෙන සහයෝගය පිළිබඳව එහිදී යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පෝලන්ත රජය වෙත සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.

    Latest News