ණය ගැන ලෝක බැංකුව පකිස්තානයට අනතුරු අඟවයි

අප්‍රේ 08, 2023

    රාජ්‍ය ණය අර්බුදය මඟහරවා ගැනීම සඳහා පකිස්තානයට හදිසි විදේශ ණය අවශ්‍ය බව, ලෝක බැංකුව අනතුරු අඟවනවා.

    ලෝක බැංකුව විසින් පකිස්තාන‍යේ සංවර්ධනය පිළිබඳ වූ සිය වාර්තාව යාවත්කාලීන කරමින් මෙම අනතුරු ඇගවීම නිකුත් කර ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    විවිධ ආර්ථිකමය බිඳවැටීම් හේතුවෙන් මෙම මූල්‍ය වර්ෂයේදී පකිස්තානයේ මිලියන 4 කට ආසන්න ජනතාවක් දරිද්‍රතාවට මුහුණ පා සිටින බවයි, ලෝක බැංකුව පෙන්වා දෙන්නේ. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, රාජ්‍ය ණය අර්බුදය මඟහරවා ගැනීමට නව විදේශ ණය ලබා ගැනීම සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙසට ලෝක බැංකුව විසින් පකිස්තාන රජයෙන් ඉල්ලීමක් ද කර ඇති බවයි. පකිස්තානයෙන් සංවර්ධනය පිළිබඳ වූ ලෝක බැංකුවේ ප්‍රමුඛතම වාර්තාව යාවත්කාලීන කරමින් එම බැංකුව පවසන්නේ, වත්මන් මූල්‍ය වර්ෂය සඳහා එරට සාමාන්‍ය උද්ධමන අනුපාතය සියයට 29.5 ක් වන බවයි. ඒ අනුව, පකිස්තාන ආර්ථිකයට සහ ණය ශක්‍යතාවය කෙරෙහි ඇතිවිය හැකි අහිතකර බලපෑම් සම්බන්ධයෙන් ලෝක බැංකුව අනතුරු අඟවා ඇති බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

    Latest News