පකිස්තානයේ තෙරපීමකින් 11 දෙනෙකු මරුට

අප්‍රේ 01, 2023

    ‍දකුණු පකිස්තානයේ සිදු වූ තෙරපීමකින් 11 දෙනෙකු මියගොස් තිබෙනවා.

    රාමසාන් උත්සවය සැමරීම නිමිත්තෙන් පැවති පුණ්‍යධාර බෙදාදීමේ වැඩසටහනකදී මෙම අනතුර සිදු වූ බවයි පකිස්තාන පොලිසිය පවසන්නේ.  දකුණු පකිස්තානයේ කරච්චි නගරයට ආසන්න ‘බල්දියා’ නගරයේ දී මෙම අනතුරු සිදුවුණා. රාමසාන් සැමරුම නිමිත්තෙන් කර්මාන්ත ශාලාවකයි, මෙම පුණ්‍යාධාර බෙදාදීමේ වැඩසටහන සංවිධාන කර තිබුණේ.

    මියගිය පිරිස අතර කාන්තාවන් 5 දෙනෙකු සහ දරුවන් තිදෙනෙකු ද සිටින බව වාර්තා වනවා. පකිස්තානය මුහුණපාමින් සිටින වත්මන් ආර්ථික අර්බුදය හමුවේ මෑත කාලය තුළදී මෙවැනි සිදුවීම් සුලභව වාර්තා වන බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    Latest News