සුනාමියක් ඇති කළ ප්‍රහාරක ඩ්‍රෝන යානයක්

මාර් 24, 2023

    උතුරු කොරියාව දිය යට ක්‍රියාත්මක කළ හැකි නවතම න්‍යෂ්ටික ප්‍රහාරක ඩ්‍රෝන යානයක් අත්හදා බැලූ බව, එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.

    මෙම නව ඩ්‍රෝන යානය  මගින් විකිරණශීලී සුනාමියක් ඇති කළ හැකි බවයි, එම මාධ්‍ය සඳහන් කරන්නේ.  උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ මඟ පෙන්වීම මත මෙම සතියේදී පවත්වන ලද යුද අභ්‍යාසයක් අතරතුරදී උතුරු කොරියානු හමුදාව මෙම නව අත්හදා  බැලීම සිදු කර තිබෙනවා. එහිදී, එම යානය මගින් සුපිරි පරිමාණ විනාශකාරී ක්‍රමයක් සැකසීමේ හැකියාව ද පරීක්ෂාවට ලක් කෙරුණු බව ද, එරට මාධ්‍ය පවසනවා.

    මෙම  යානය, ඉකුත් අඟහරුවාදා උතුරු කොරියාවේ දකුණු “හැම්ජියොං” පළාතට ඔබ්බෙන් වූ මුහුදු කලාපයේදී පැය 59 යි විනාඩි 12 ක කාලයක් දිය යට ක්‍රියාත්මක කර  සාර් ථකව පුපුරවාහරින ලද බවයි, වාර් තා වන්නේ.  මෙම ඩ්‍රෝන යානය, ඕනෑම වෙරළ තීරයක සහ වරායක ක්‍රියාත්මක කළ හැකි අතර, මෙහෙයුම් සඳහා නෞකාවක් මගින් රැගෙන යා හැකි වනවා.

    මෙම යානය, ඩ්‍රෝන  පද්ධතිය මගින් සතුරු මුහුදු කලාපයන් හිදී රහසිගතව ප්‍රහාර එල්ල කිරීමට මෙන්ම, සතුරු ප්‍රධාන මෙහෙයුම් වරායන් විනාශ කිරීමට ද යොදා ගැනීම අරමුණ වී ඇති බවයි,  එරට මාධ්‍ය සඳහන් කරන්නේ.

    Latest News