අමෙරිකාවෙත් පොලී අනුපාත ඉහළට

මාර් 23, 2023

    අමෙරිකානු මහ බැංකුව, පොලී අනුපාත යළි ඉහළ නංවා තිබෙනවා.

    එරට බැංකු පද්ධතිය සහ ආර්ථිකය බරපතල අවදානමක පැවතීම සැලකිල්ලට ගනිමින් මහ බැංකුව මෙම පියවර ගෙන ඇති බවයි, විශේෂඥයන් පවසන්නේ.

    ඒ අනුව, අමෙරිකානු මහ බැංකුව හෙවත් ෆෙඩරල් සංචිතය පොලී අනුපාත සියයට 0.25 කින් වැඩි කර තිබෙනවා. එහි අරමුණ වන්නේ, බැංකු පද්ධතිය ශක්තිමත්ව පවත්වාගෙන යාමයි. එරට ප්‍රධාන බැංකු දෙකක් බංකොලොත් වීම සහ ස්විට්සර්ලන්තය වැනි රටවල බැංකු පද්ධතියට එල්ල වී ඇති බලපෑම් සැලකිල්ලට ගනිමිනුයි, ෆෙඩරල් සංචිතය මෙම ක්‍රියාමාර්ග වෙත යොමු වී තිබෙන්නේ. එරට බැංකු පද්ධතියේ බිඳවැටීම ඉදිරි මාසවල අමෙරිකානු ආර්ථික වර්ධනයට දැඩි බලපෑමක් එල්ල කළ හැකියි. සිය නිල සංචිත ස්ථාවර කිරීමේ අරමුණින්, ණය ගැනීමේ පිරිවැය ඉහළ නැංවීමට ද අමෙරිකානු මහ බැංකුව ක්‍රියා කළා. කෙසේ වුවද, ඉකුත් වසරේ සිට අවස්ථා කිහිපයකදී පොලී අනුපාත ඉහළ නැංවීම, බැංකු පද්ධතියට එල්ල කර ඇත්තේ දැඩි බලපෑමක්. ඉකුත් සතියේ යුරෝපීය මහ බැංකුව ද සිය ප්‍රධාන පොලී අනුපාත සියයට 0.5 කින් ඉහළ දැමුවා.

    Latest News