ඉතියෝපියානු රජය සහ කැරලිකරුවන් අතර සටන් විරාමයක්

නොවැ 03, 2022

    දෙවසරක යුද්ධය අවසන් කිරීමේ අපේක්‍ෂා‍වෙන් ඉතියෝපියානු රජය සහ එරට ටිග්‍රේ ප්‍රදේශයේ කැරලිකරුවන් සටන් විරාමයකට එළඹ තිබෙනවා.

    දකුණු අප්‍රිකාවේ පැවති සාම සාකච්ඡාවලින් පසුව මෙම එකගතාවයට පැමිණි බවයි, අප්‍රිකානු සංගමය පවසන්නේ.

    2020 දී ඉතියෝපියාවේ ටිග්‍රේ ප්‍රදේශයේ ආරම්භ වූ සිවිල් යුද්ධයෙන් විශාල පිරිසක් මිය ගොස් තිබෙනවා‍. ඉතියෝපියානු හමුදාවට සහ ටිග්‍රේ කැරලිකරුවන්ට යුද අපරාධ චෝදනා එල්ල වී ඇති අතර, මානුෂිය අර්බුදයක්ද රට තුළ නිර්මාණය වෙලා. එම ප්‍රදේශයේ සාගතයක් ඇති වීම හේතුවෙන් තවත් විශාල පිරිසක් ද මිය ගියා. යුද්ධය අවසන් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන රැසක් හවුල් පාර්ශ්ව දෙකෙන් ඉල්ලා තිබුණා. එහි ප්‍රතිඵලයක් ලෙසයි, රජය හමුදා සහ කැරලිකරුවන් සටන් විරාමයකට එළඹුණේ. එහි මැදිහත් පාර්ශ්වයක් ලෙස ක්‍රියා කරන්නේ, අප්‍රිකානු සංගමයයි. එම සංගමය පැවසුවේ නීතිය හා සාමය තහවුරු කිරීම, නිරායුදකරණය, මානුෂීය ආධාර සැපයීමට ප්‍රවේශය ලබා දීම සහ අත්‍යවශ්‍ය සේවා යථා තත්වයට පත් කිරීම සඳහා දෙපාර්ශ්වය එකඟ වූ බවයි, අප්‍රිකානු සංගමය පෙන්වා දෙන්නේ.

    Latest News