උතුරු කොරියාව තවත් මිසයිල දෙකක් අත්හදා බලයි

ඔක් 13, 2022

    උතුරු කොරියාව තවත් මිසයිල දෙකක් අත්හදා බලා තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, ඒවා දිගුදුර ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ඇති "කෲස්" මිසයිල බවයි.



    මෙම මිසයිල දෙකම ඊයේ දිනයේ අත්හදා බලා ඇති බව, වාර්තා වනවා. උතුරු කොරියාව පවසන්නේ, මිසයිල දෙකම කිලෝමීටර දෙදහසක දුරක් ගමන් කළ බවයි‍. ඒවා අදාල ඉලක්ක වෙත සාර්ථකව ළඟා වූ බවද, උතුරු කොරියාව සඳහන් කරනවා. නිවේදනයක් නිකුත් කරමින් උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය ආයතනය කියා සිටින්නේ, තම රටේ ප්‍රහාරක බලය වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම මිසයිල අත්හදාබැලීම සිදුකළ බවයි. ඉකුත් සඳුදා අන්තර් මහද්වීපක බැලිස්ටික මිසයිල අත්හදා බැලීමක් සිදු කෙරුණා.
    උතුරු කොරියාව න්‍යෂ්ඨික අත්හදාබැලීමක් සිදු කිරීමට සූදානම් බවට පසුගියදා මාධ්‍ය වාර්තා පල වුණා. විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, උතුරු කොරියානු නායකයා, උපායමාර්ගික න්‍යෂ්ටික අත්හදාබැලීමේ සති දෙකක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි.

    Latest News