අමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස් දකුණු කොරියාවට

සැප් 29, 2022

    ‍අමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස් දකුණු කොරියාවට පැමිණ සිටිනවා.

    ඇය සිය චාරිකාව සිදු කර ඇත්තේ, උතුරු කොරියාව, කෙටිදුර බැලැස්ටික් මිසයිල දෙකක් එල්ල කිරීමෙන් දිනකට පසුවයි.

    උතුරු කොරියාව මෙලෙස ‍මිසයිල අත්හදා බැලීමේ නිතර වන්නේ, එක්සත්ජාතීන්ගේ සංවිධානයේ සහ බටහිර රටවලද විරෝධය නොතකමින්. එම නිසා එරටට තවදුරටත් සම්බාධක පැන වීම‍ කෙරෙහි අවධානය යොමුව තිබෙනවා. අමෙරිකානු සහ දකුණු‍ කොරියාව ද මේ දිනවල කොරියානු අර්ධද්වීපය අවට මුහුදේ ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් පවත්වන බව, විදෙස් වාර්තාවල සඳහන්. සිය දකුණු කොරියානු චාරිකාව අතරතුර අමෙරිකානු උප ජනාධිපතිවරිය, උතුරු සහ දකුණු කොරියාව වෙන් කෙරෙන යුද මුක්ත කලාපය වෙත ගමන් කරනු ඇති බවද, එරට මාධ්‍ය වාර්තා කරනවා.

    Latest News