චීනයේ ග්‍රාමීය පුනර්ජීවන සැලැස්මෙන් මනා ප්‍රගතියක්...

සැප් 29, 2022

     චීනය ඉකුත් වසර පහේ ග්‍රාමීය පුනර්ජීවනයෙන් මනා ප්‍රගතියක් ලබා ඇතැයි චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිසම පවසයි.

    සිය ග්‍රාමීය පුනර්ජීවන උපායමාර්ගය සඳහා චීනය පස් අවුරුදු සැලැස්මක් 2018 වසරේ දී නිකුත් කළ අතර, ඊට ප්‍රධාන ව්‍යාපෘති, වැඩසටහන් සහ ක්‍රියාමාර්ග රැසක් ඇතුළත් විය. කෘෂිකාර්මික නිෂ්පාදන ධාරිතාව තහවුරු කිරීම සහ ග්‍රාමීය ප්‍රදේශවල පානීය ජල ආරක්ෂාව වැඩි දියුණු කිරීම ඇතුළු සැලැස්මේ ප්‍රධාන කාර්යයන් සියල්ල සාර්ථකව ක්‍රියාත්මක කර ඇති අතර, ඉන් මනා ප්‍රතිඵල ලැබී ඇතැයි ද ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිසම ප්‍රකාශ කර තිබේ.

    2021 දී කෘෂිකාර්මික තාක්‍ෂණ ප්‍රගතිය එම අංශයේ සංවර්ධනයෙන් 61 % කට දායක වී ඇති අතර, එය 2017 වසරට සාපේක්ෂව 3.5 %ක ඉහළයාමකි. තවද බෝග වගාව සහ අස්වනු යාන්ත්‍රිකකරණ අනුපාතය ද වර්ධනය වී තිබේ. කෘෂිකර්මාන්ත හරිත සංවර්ධනයේ ප්‍රතිඑලයක් ලෙස, රසායනික පොහොර සහ පළිබෝධ නාශක යෙදීම වසර ගණනාවක් පුරා පවත්වා ගෙන ගොස් ඇති අතර කාබනික පොහොර භාවිතය සැලකිය යුතු අන්දමින් වර්ධනය වී තිබේ.

     

    අරෝෂා සමරදිවාකර - චීනයේ බීඡිං නුවර සිට...

    Latest News