ජෝ බයිඩන් අමෙරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙයි

ජන 21, 2021

    ජෝ බයිඩන් අමෙරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නා.

    ජෝ බයිඩන් අමෙරිකාවේ ජනාධිපති ලෙස දිවුරුම් දීමේ උත්සවය සංවිධානය කෙරුනේ වොෂිංටන් අගනුවර කැපිටල් හිල් පාර්ලිමේන්තුව ගොඩනැගිල්ල ඉදිරිපිටදී. දිවුරුම්දීම සිදු කෙරුණේ අගවිනිසුරු ජෝන් රොබට්ස් ඉදිරිපිටයි. උප ජනාධිපති කමලා හැරිස් දිවුරුම් දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සෝනියා සොට්මයර් ඉදිරියේදී.

    තනතුරෙන් ඉවත් වන යන ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනියා ආර්යාව මෙම උත්සවය වර්ජනය කර සිටියා. ජෝ බයිඩන් පත්වී පැය කිහිපයකට පසු පළමු පියවර ලෙස ට්‍රම්ප් විසින් ගෙන යනු ලැබූ ප්‍රතිපත්ති අහෝසි කිරීමට අවශ්‍ය ලිපි ලේඛනවලට අත්සන් තැබුවා. එහිදී කොරෝනා වෛරස් වසංගතය සඳහා ෆෙඩරල් රජයේ ප්‍රතිචාර ඉහළ නැංවීමට විධායක නියෝග පහලවකට අත්සන් තබා තිබෙනවා. දේශගුණික විපර්යාස හා සංක්‍රමණ පිළිබඳ ට්‍රම්ප් පරිපාලනය ස්ථාවරය ආපසු හැරවීමට අවශ්‍ය නියෝග ලබා දුන් බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

    Latest News