ග්‍රහකයක ගමන් මග වෙනස්කළ නාසා මෙහෙයුම සාර් ථකයි

සැප් 27, 2022

    අනාගතයේ දිනෙක පෘථිවියේ හැපීමට පැමිණෙන ග්‍රහකයක ගමන් මඟ වෙනස් කර, පථයෙන් ඉවත් කිරීම සඳහා අමෙරිකාවේ නාසා ආයතනය පුහුණු මෙහෙයුමක් අත්හදා බැලූ අතර එම මෙහෙයුම සාර්ථක විය.

    ‘ඩාර්ට්’ යන නමින් නම් කළ එම පුහුණු මෙහෙයුම යටතේ නාසා විද්‍යාඥයන් නියමුවන් නැති කුඩා රොබෝ යානයක්, පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 11 ක් දුරින් අභ්‍යවකාශයේ සැරිසරන කුඩා ග්‍රහකයට යවා, යානය අධික වේගයෙන් එම ග්‍රහකයේ හැපීමට සැලැස්වීය.

    එම ඝට්ටනය හරහා ග්‍රහකයේ ගමන් මඟ වෙනස් කිරීම විද්‍යාඥයන්ගේ අරමුණයි.

    ‘ඩාර්ට්’ රොබෝ යානය හැපෙන්න සැලැස්වූයේ මීටර් 160ක විශ්කම්භයකින් යුත්, ‘ඩිමෝර්පස්’ නමැති එම ග්‍රහකයේ හැපුණේ පැයට කිලෝ මීටර් 21,600 ක වේගයකින්.

     
    Last modified on අඟහරුවාදා, 27 සැප්තැම්බර් 2022 11:36

    Latest News