පකිස්ථානයේ ගංවතුරින් මේ දක්වා 900කට වැඩි පිරිසක් මරුට

අගෝ 26, 2022

    පකිස්ථානයට බලපා ඇති ගංවතුරින් මේ දක්වා 900කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

    අවතැන්ව සිටින සංඛ්‍යව දෙලක්ෂයකට ආසන්න වේ.

    පකිස්ථානයට ඉකුත් සතියේ ලැබුණු වාර්තාගත මෝසම් වැසි හේතුවෙන්, ගංවතුර තත්වය හටගැනිණ. මේ හේතුවෙන්, ජාතික හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කළ යුතු බවට රජයට බලපෑම් එල්ල වෙමින් පවතියි. පකිස්තාන රජය පෙන්වා දෙන්නේ, තම රටට අන්තර්ජාතික සහයෝගය අවශ්‍ය බවයි. ගංවතුර තත්වයෙන් මිලියන 30කට වැඩි පිරිසකට බලපෑම් එල්ල වී ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. බලධාරීන් පවසන්නේ, පනස් දහසකට වැඩි පිරිසකට නිවාස අහිමි වී ඇති බවයි. මියගිය වැඩිදෙනා කාන්තාවන් සහ දරුවන්. ගංවතුරින් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ පකිස්ථානයේ සින්ද් ප්‍රදේශයටයි. එම ප්‍රදේශයට වසරේ අගොස්තු මාසයේ ඇදහැලෙන සාමාන්‍ය වර්ෂාව මෙන් 784 ගුණයක වර්ෂාපතනයක් මෙවර මේ මාසය තුළ වාර්තා වී තිබේ. ඉදිරි දින දෙක තුළද අධික වැසි ඇදහැලෙනු ඇති බවට කාලගුණ බලධාරීන් අනතුරු අඟවා ඇත.

    Latest News