"ජේම්ස් වෙබ්" මගින් විශ්වය පිළිබඳ තවත් නවතම සොයා ගැනීමක්

අගෝ 26, 2022

    "ජේම්ස් වෙබ් දූරේක්‍ෂය" මගින් විශ්වය පිළිබඳ තවත් නවතම සොයා ගැනීමක් සිදු කිරීමට හැකි වූ බව, නාසා ආයතනය පවසනවා.

    අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත පිහිටි ග්‍රහලෝකයක වායු ගෝලයේ පවතින කාබන්‍ඩයොක්සයිඩ් පිළිබඳව මෙමගින් ප්‍රථම වරට හඳුනා ගැනීමට හැකි වූ බවයි, එම ආයතනය සඳහන් කරන්නේ.

    ආලෝක වර්ෂ 700 කට එපිටින් වූ සූර්යයාට සමාන තාරකාවක් වටා භ්‍රමණය වෙමින් පවතින ‍"වෝස්ප් - 39 බී" නමින් හඳුන්වනු ලබන ග්‍රහලෝකයේ වායු ගෝලයේ පවතින කාබන්ඩයොක්සයිඩ් පිළිබඳව පැහැදිලි සාක්‍ෂි ප්‍රථම වරට ජේම්ස් වෙබ් දූරේක්ෂය මගින් ග්‍රහණය කර ගැනීමට හැකි වූ බවයි, නාසා ආයතනය පවසන්නේ. විද්‍යාඥයින් පවසන්නේ, පිටසක්වල ග්‍රහලෝකයක පෘථිවියේ මෙන් ජීවයක් පවතින බවට සාධකයක් මෙතෙක් ආනාවරණය වී නොමැති වුවද, අපගේ සෞරග්‍රහ මණ්ඩලයට බාහිරින් පිහිටි ග්‍රහ‍ලෝකයන්හි වායු ගෝලයේ පවතින කාබන්‍ඩයොක්සයිඩ් පිළිබඳව සාර්ථකව නිර්නය කර ගැනීමට සහ එම ග්‍රහලෝක සාර්ථකව නිරීක්‍ෂණය කිරීමට ද, ජේම්ස් වෙබ් දූරේක්ෂය මහත් පිටිවහලක් වන බවයි.

    Latest News