ජෝ බයිඩන් නව පනතකට අත්සන් තබයි

අගෝ 17, 2022

    සෞඛ්‍ය ආරක්ෂණ සහ ‍දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීම අරමුණු කර ගත් නව පනතකට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අත්සන් තබා තිබෙනවා.

    ‍අමෙරිකානු ඩොලර් බිලියන 700 ක වටිනාකමකින් යුත් මෙම පනත, එරට ඉතිහාසයේ විශාලතම ආයෝජනය ලෙසද සැලකෙනවා.

    මීට අදාළ බදු පැනවීමේ දී එහි වැඩි ප්‍රමාණයක් ධනවතුන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වීම විශේෂත්වයක්. සෞඛ්‍ය ආරක්ෂණ වියදම්, නිර්දේශිත ඖෂධවල මිල සීමා කිරීම සහ දේශගුණික විපර්යාසවලට අවශ්‍ය පියවර ගැනීම නව පනතේ මූලික අරමුණයි. මේ පිළිබඳ වසර ගණනාවක සිට ඩිමොක්‍රටික් පක්ෂය පොරෝන්දු ලබා දෙමින් සිටියා.

    එම පක්ෂය නියෝජනය කරමින් ජනපති ලෙස තේරි පත් ජෝ බයිඩන්ට, අදාළ පොරෝන්දුව ඉටු කිරීමට ලැබීම  සුවිශේෂී අවස්ථාවක්.

    ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ ද ඊට ප්‍රමුඛස්ථානයක් හිමි වී තිබුණා. අමෙරිකාව 2030 වන විට කාබන් විමෝචනය සියයට 42 දක්වා අඩු කිරීමට සැලසුම් කර ඇති අතර, මෙම පනත මගින් පුනර්ජනනීය බලශක්ති සඳහා ආයෝජනය කිරීමට සමාගම් සඳහා බදු සහන සලසා තිබෙනවා.   

    Last modified on බදාදා, 17 අගෝස්තු 2022 11:23

    Latest News