ක්‍රිමියානු අර්ධද්වීපයේ යුද අවි ගබඩාවක දැවැන්ත පිපිරීමක්

අගෝ 17, 2022

    ‍රුසියාවට අයත් ක්‍රිමියානු අර්ධද්වීපයේ තවත් යුද අවි ගබඩාවක දැවැන්ත පිපිරීමක් සිදුව තිබෙනවා. රුසියාව පවසන්නේ, මෙය සැලසුම් සහගත කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවයි.

    යුක්‍රේන හමුදාව “ක්‍රිමියානු අර්ධද්වීපයේ” රුසියානු හමුදා කඳවුරකට ඉකුත් සතියේ ද ප්‍රහාර එල්ල කළා. බටහිර රටවල සහය ඇතිව සැලසුම් සහගත අයුරින් ය්‍රක්‍රේන හමුදා මෙම ප්‍රහාර සිදු කරන බවට, රුසියානු බලධාරීන් චෝදනා කරනවා. ක්‍රිමියාහි විදුලි බලාගාරයකට සහ දුම්රිය මාර්ග කිහිපයකට ද ප්‍රහාර එල්ල කර ඇති බව, විදෙස් වාර්තාවල සඳහන්.

    ඉකුත් සතිවල යුක්‍රේන හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් රුසියානු යුද ගුවන් යානා කිහිපයක් ද විනාශ වුණා. මේ වන විට අවි ගබඩාවට එල්ල වී ඇති ප්‍රහාරය සම්බන්ධයෙන් තම රටට එල්ල වන චෝදනා පිළිනොගන්නා බවයි, යුක්‍රේන රජය පවසන්නේ.

    මේ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගු‍ටරේස් සහ තුර්කි ජනාධිපති රෙසප් තායිප් එර්ඩොගාන් මේ සති අන්තයේ  “කියෙව්” අගනුවර චාරිකා කිරීමට නියමිතයි.

    Last modified on බදාදා, 17 අගෝස්තු 2022 10:54

    Latest News