අමෙරිකාවෙන්, චන්ද්‍රයා වෙත නව රොකට්ටුවක්...

අගෝ 17, 2022

    අමෙරිකාවේ අභ්‍යවකාශ ඒජන්සිය, චන්ද්‍රයා වෙත නව රොකට්ටුවක් යැවීමට සූදානම් වනවා.

    එම රොකට්ටුව ලබන 29 වැනිදා ගුවන් ගත  කිරීමට නියමිතයි.  මෙම දැවැන්ත නව රොකට්ටුව සිය පළමු අභ්‍යවකාශ ගත වීමට සූදානම් වන්නේ, පර්යේෂණ අදියර රැසක් අවසන් කිරීමෙන් අනතුරුවයි. ෆ්ලොරිඩාහි “කෙනඩි” අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට රොකට්ටුව උඩු ගුවනට යැවීමට නියමිතයි. කෙසේ වුවද, එම ප්‍රථම අත්හදා බැලීම සඳහා  කාර්යමණ්ඩලයක් සහභාගී වන්නේ නැහැ. මෙම අත්හදා බැලීම සාර්ථක වුවහොත්, මිනිසුන් රැගත් මෙහෙයුමක් පසුව දියත් කිරීම, නාසා ආයතනයේ අපේක්‍ෂාවයි.  එසේ වුවහොත් වසර 50 කට පසු මුල්වරට ගගනගාමීන් සඳ වෙත යැවීමට එම ආයතනයට හැකි වනවා.

    Latest News