රුසියාව දුර්වල කිරීම අමෙරිකාවේ අරමුණ බවට චෝදනා

අගෝ 11, 2022

    අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්‍ප් ඔහුගේ ව්‍යාපාර පිළිබඳ සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඊට පිළිතුරු දීමෙන් වැලකී තිබෙනවා.

    හිටපු ජනාධිපතිවරයාට අයත් ව්‍යාපාර මගින් රාජ්‍ය නිලධාරීන් නොමඟ යවා ඇති බවට චෝදනා එල්ල වනවා. එමගින්, ණය ලබා ගැනීමේදී සහ බදු ගෙවීමේදී වාසි ලබා ගැනීමට උත්සහ දරා ඇති බවයි, බලධාරීන් පවසන්නේ.

    හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයත් දේපළ වටිනාකම් ද ව්‍යාජ ලෙස වෙනස් කර ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ, තමා හෝ තම ආයතනය කිසිදු වරදක් ‍සිදු කර නොමැති බවයි.

    මෙම ක්‍රියාමාර්ග මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැලැක්වීම සඳහා ගෙන යන ක්‍රියාවලියක් බව, ඔහු පෙන්වා දෙනවා. හිටපු ජනාධිපති ට්‍රම්ප්ට අයත් පෞද්ගලික සමාජ ශාලාවක් වන ‍ෆ්ලොරිඩා හි ඔහුගේ මරලාගෝ නිවාඩු නිකේතනයේ එ‍ෆ් බී අයි ආයතන නිලධාරීන් පසුගියදා හදිසි වැටලීමක් ද සිදු කළා.                           

    Latest News