‍‍චීනයේ තවත් වෛරසයක්...

අගෝ 10, 2022

    ‍‍චීනයේ නැගෙනහිර ප්‍රදේශයෙන් “ලංග්‍යා” නැමති තවත් වෛරසයක්  හඳුනාගෙන තිබෙනවා.

    මේ වන විට එම වෛරසය ආසාදිතයන් 35 දෙනෙකු හඳුනාගෙන ඇති බව, විදෙස් වාර්තාවල සඳහන්.  “ලංග්‍යා” මනුෂ්‍යයන් ඇතුළු ක්‍ෂීරපායි සතුන්ට ද හානි කරන වෛරසයක්. ඒ සඳහා මෙතෙක් කිසිඳු එන්නතක් හෝ ඖෂධයක් නිපදවා නොමැති බවයි, වාර්තා වන්නේ. මෙම වෛරසය ව්‍යාප්තිය  පිළිබඳ චීනයෙන් වාර්තා වන්නේ කොවිඩ් 19 එරටින් මුල් වරට හඳුනා ගෙන වසර 3 කට පසුවයි. නැගෙනහිර චීනයේ ෂැංඩොං සහ හෙනාන් යන ප්‍රාන්තවලින් “ලංග්‍යා” මේ වන විට හඳුනා ගෙන තිබෙනවා. තද  උණ, මහන්සිය, කැස්ස, ආහාර අප්‍රියවීම, මස්පිඩු වේදනා, කැරකිල්ල, වමනය සහ තද හිරසදය මෙහි රෝග ලක්ෂණයි. සිරුරේ රුධිර පට්ටිකා අඩු වීම සහ අක්මාව, වකුගඩු අඩපණ වීමද, “ලංග්‍යා” වෛරසයෙන් සිදු වන බව, වා‍ර්තා වනවා.

    Latest News