බ්‍රසීලයේ පාසලක වෙඩිතැබීමක්;10ක් මරුට

මාර් 14, 2019

    බ්‍රසීලයේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් 10 දෙනෙක් මියගොස් තිබේ.

    ඉන් 5 දෙනෙක් පාසල් ළමුන් බවයි, වාර්තා වන්නේ. එරට වේලාවෙන් ඊයේ උදෑසන 9.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුවිය. වෙඩි තැබීම සඳහා දෙදෙනෙකු පැමිණ ඇති අතර, ප්‍රහාරයෙන් අනතුරුව ඔවුන් සියදිවි හානි කරගෙන තිබේ. ඔවුන් දෙදෙනා වයස අවුරුදු 17 හා 25 යන වයස්වල පසුවන්නන්. දෙදෙනාම එම පාසලේ ආදි සිසුන් බවයි පැවසෙන්නේ. ප්‍රහාරකයින් සතුව තිබූ පිස්තෝලයක් හා දුනු ඊතල ද තිබී හමුවී තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 14 මාර්තු 2019 09:35

    Latest News