අමෙරිකානු කතානායිකා නැන්සි පෙලෝසි ආසියානු චාරිකාවක

අගෝ 01, 2022

    අමෙරිකානු කතානායිකා නැන්සි පෙලෝසි මතභේදාත්මක ආසියානු චාරිකාවක් ආරම්භ කර තිබෙනවා.

    එහිදී ඇය රටවල් කිහිපයක සංචාරය කිරීමට නියමිතයි.

    චාරිකාව තුළදී ඇය සිංගප්පූරුව, මැලේසියාව, දකුණු කොරියාව සහ ජපානය යන රටවල චාරිකා කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. නමුත් ඇය තායිවානයේ සංචාරය කිරීම‌ට නියමිත බවට පැතිර ගිය කටකතා හේතුවෙන් චීනය සහ අමෙරිකාව අතර විශාල මත‌භේද හටගනු ලැබුවා. දෙරටේ ජනාධිපතිවරුන් එකිනෙකාට අනතුරු අඟවා ගැනීම දක්වා මෙම අර්බුදය දිග්ගැස්සුනු අතර විදෙස් විශ්ලේශකයන් පවසන්නේ මෙය ඉතා විශාල ගැටලුවක් දක්වා දුරදිග යා හැකි බවයි. කෙසේ වෙතත් පෙලෝසි මහත්මිය සිය සංචාරය අතරතුර තායිවානයට ගොඩබසිනවාද යන්න පිළිබඳව මේ නව තෙක් කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නැහැ. ඇය මේ වන විට හවායි දූපතට පැමිණ ඇති අතර එහිදී පර්ල් වරාය අනුස්මරණ උත්සවයකට සහ අමෙරිකානු යුධ නෞකාවක චාරිකාවක සහභාගී වීමට නියමිතයි.

    Latest News