ගැටුම් හේතුවෙන් පලායන යුක්‍රේන වැසියන් ලක්‍ෂයක් බ්‍රිතාන්‍යයට...

ජූලි 31, 2022

    යුද ගැටුම් හේතුවෙන් යුක්‍රේනයෙන් පලායන සිවිල් වැසියන් ලක්ෂයකට අධික පිරිසක් මේ වන විට එක්සත් රාජධානියට පැමිණ ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    පසුගිය මාර්තු මාසයේ ආරම්භ කරන ලද පවුල් යෝජනා ක්‍රමය යටතේ පසුගිය සතිය වන විට 31,000කට අධික පිරිසක් ද නිවාස අනුග්‍රාහ යෝජනා ක්‍රමය යටතේ 72,000කට අධික පිරිසක් ද එක්සත් රාජධානියට පැමිණ තිබෙනවා. එක්සත් රාජධානියට වීසා අයදුම්පත් දෙලක්‍ෂයකට අධික සංඛ්‍යාවක් ලැබී ඇති අතර, වීසා ලබාගන්නා පිරිසට වසර 03 ක කාලයක් එරට රැඳී සිටීමට අවසර ලබාදී තිබෙනවා.

    මේ අතර, යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙ‍න්ස්කි විසින් යුක්‍රේනයේ ඩොනෙක්ස් ප්‍රදේශයේ රැඳී සිටින සිවිල් වැසියන්ට හැකි ඉක්මනින් එයින් පිටවීමට නියෝග කර තිබෙනවා. රුසියානු හමුදා ප්‍රහාර හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව අවම කරගැනීම එම තීරණයට හේතුවයි.

    Latest News