පාප් වහන්සේ කැනඩාවේ ජනතාවගෙන් සමාව ඉල්ලයි

ජූලි 26, 2022

    ඉතිහාසයේ කැනඩාවේ කතෝලික පාසල්වලදී  සිදුවූ සමූහ ඝාතනයන් සම්බන්ධයෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ එරට ස්වදේශීය ජනතාවගෙන් සමාව අයැද සිටිනවා. 

    ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මේ දිනවල කැනඩාවේ සංචාරයක නිරතව සිටිනවා.  උන්වහන්සේ සතියක කාලයක් කැනඩාවේ රැඳී සිටිනවා.   කැනඩාවේ ඇතැම් ප්‍රදේශ වල නේවාසික ආගමික පාසල් පැවති අතර එම පාසල් වල එරට ස්වදේශික දරුවන්ට ඉගැන්වීම් සිදුකළා.

    විදෙස් මාධ්‍ය පවසන්නේ එරට ස්වදේශික භාෂාවන් සහ සංස්කෘතිය විනාශ කිරීම සඳහා එම දරුවන් පාසල් වල රඳවා තබාගත් බවයි.  එම පාසල් වල බොහෝ සමූහ ඝෘතන සිදුවී ඇති බවට පසුව ‌හෙළිවී තිබෙනවා.

    දිවි බේරාගත් අය ඉල්ලා සිටින්නේ ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර සාධාරණයක් ඉටුවිය යුතු බවයි. පාප් වහන්‌ෙස්ගේ සමාව අයැදීම පිළිබඳ තමන් ඉතා හැඟුම්බර වූ බවයි ‌ෙබාහෝ කැනඩාවේ ස්වදේශික ජනතාව සඳහන් කරන්නේ. 

    Latest News