චීන-රුසියානු විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්

ජූලි 08, 2022

    චීන රාජ්‍ය මණ්ඩල සාමාජික සහ විදේශ අමාත්‍ය වං යී (Wang Yi) මහතා, රුසියානු විදේශ අමාත්‍ය සෙර්ගෙයි ලැව්රොව් (Sergey Lavrov) මහතා හමුවෙයි.

    හමුව, G-20 කණ්ඩායමේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සමගාමීව, ඉන්දුනීසියාවේ බාලි හිදී ඊයේ (7) සිදුවිය.

    G-20 කණ්ඩායමේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමේ වැදගත් ප්‍රතිඵල ක්‍රියාවට නංවා, තිරසර සංවර්ධනය සඳහා 2030 න්‍යාය පත්‍රය ප්‍රවර්ධනය කරමින්, සංවර්ධනය වෙමින් පවතින රටවල පොදු ප්‍රතිලාභ, ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය ආරක්ෂා කිරීම සඳහා රුසියාව ඇතුළු සියලු පාර්ශ්ව සමඟ කටයුතු කිරීමට චීනය සූදානම් බව වං යී මහතා එහිදී පැවසීය.

    ද්විපාර්ශ්වික සහයෝගිතාවයේ ක්ෂේත්‍ර සහ පරිමාණය පුළුල් කරමින් දෙරට ජනතාවට වඩාත්ම යහපත් ප්‍රතිලාභ ලබාදීම රුසියාවේ අපේක්ෂාව බව සෙර්ගෙයි ලැව්රොව් මහතා කියාසිටියේය. ගෝලීය සංවර්ධන මුලපිරීම සහ ගෝලීය ආරක්ෂක මුලපිරීම වැනි වැදගත් සංකල්ප සඳහා රුසියාව සහාය දක්වන අතර, චීනය සමඟ සම්බන්ධීකරණය සහ සහයෝගිතාව ශක්තිමත් කරන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

    යුක්රේනයේ තත්ත්වය පිළිබඳව ද දෙපාර්ශ්වයේ අදහස් මෙහිදී හුවමාරු කර ගැනිණ.

    Latest News