යුක්‍රේනයේ, මරියුපෝල් නගරයට දැඩි ප්‍රහාර...

මැයි 02, 2022

    රුසියානු හමුදාව යුක්‍රේනයේ මරියුපෝල් නගරයට දිගින් දිගටම ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.

    පවතින තත්වය හමුවේ, එම නගරයේ සිරවී සිටින සිවිල් වැසියන් මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කිරීම දුෂ්කර වී ඇති බවයි වාර්තා වන්නේ. මරියුපෝල් නගරයේ වානේ කම්හලක් තුළ සිරවී සිටින සිවිල් වැසියන්ගෙන් 100කට අධික පිරිසක් ඉන් මුදා ගැනීමත් සමග රුසියානු හමුදාව නැවතත් අඛණ්ඩව ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇති බව යුක්‍රේන ආරක්ෂක අංශ පවසනවා.

    වානේ කම්හල තුළ මෙන්ම, පිටත ද සිවිල් වැසියන් 1000කට අධික සංඛ්‍යාවක් තවමත් සිරවී සිටින අතර,  පවතින තත්වය හමුවේ ඔවුන් මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කිරීම දුෂ්කර වී ඇති බවයි, යුක්‍රේන හමුදාව පෙන්වා දෙන්නේ. නැගෙනහිර, ඩොනෙක්ස් ප්‍රදේශයේදී රුසියානු හමුදාව යුක්‍රේන ප්‍රහාරක යානයක් විනාශ කර තිබෙනවා. රුසියානු ආරක්ෂක අංශ පවසන්නේ, තම හමුදා යුක්‍රේන ඩෝන යානා 10ක්, ආයුධ ගබඩා, අණදෙන ස්ථාන ඇතුළු හමුදා ඉලක්ක 38ක් වෙත පහරදුන් බවයි.

    Latest News