මේ අතර, ජර්මනිය පළමු වරට යුක්රේනයට යුද ආධාර ලබාදීමට ක්රියා කර ඇති බවයි, වාර්තා වන්නේ. බටහිර රටවල් යුක්රේනයට මෙලෙස දිගින් දිගටම යුද ආධාර ලබාදීම රුසියානු රජයේ දැඩි කෝපයට හේතු වී තිබේ.
ජර්මානු රජය ගුවන් යානා නාශක රථ 50ක් ඇතුලු තවත් යුද උපකරණ යුක්රේනයට ලබාදීමට තීරණය කර තිබේ. එය එරට ගනු ලැබූ ප්රතිපත්තිමය වෙනස්කමකින් යුත් තීරණයක් බවයි, වාර්තා වන්නේ.
මින් පෙර කිසිඳු අවස්ථාවක යුක්රේනයට යුද ආධාර ලබාදීමට ක්රියා නොකළ යුරෝපා රටක් ලෙසයි ජර්මනිය සැළකෙන්නේ.