අභියෝග හමුවේ පවා චීන ආර්ථිකයේ ස්ථාවරත්වය තහවුරු වෙයි

අප්‍රේ 20, 2022

    මෙම වසරේ පළමු කාර්තුවේ චීනයේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 4.8කින් වර්ධනය වෙයි.

    මේ බව හෙළිවූයේ 18 වැනිදා චීන ජාතික සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ දත්ත මගිනි. සංකීර්ණ වෙමින් පවතින ජාත්‍යන්තර තත්ත්වයන් හා දේශීය වශයෙන් උග්‍රවෙමින් පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පවා චීන ආර්ථිකයේ මෙම වර්ධන විශිෂ්ටත්වය විදෙස් මාධ්‍ය පවා අගය කර තිබේ.


    මේ වනවිට චීනයේ කොවිඩ් වසංගත පාලනය අභියෝගයකට මුහුණ දී ඇතත්, වසංගත පාලනය හා ආර්ථික සංවර්ධනය සමබර කිරීමට චීන රජය දැඩි ලෙස උත්සාහ දරමින් සිටී. ඒ අතරින් මූල්‍ය ස්ථාවරත්වය රැක ගැනීමට චීන රජය ගෙන ඇති නව පියවර රැසක් කැපී පෙනේ. කොවිඩ් වසංගත බලපෑමට ලක් වූ ව්‍යවසායන්ට මූල්‍ය සහන ලබා දීම සහ රැකියා නියුක්තිය උපරිමයෙන් සහතික කිරීම වැනි පියවර, ආර්ථිකය විධිමත් ව ඉදිරියට ගෙන යාමට මහඟු පිටුබලයක් වී ඇත.

    මීට අමතරව, චීන ව්‍යවසායන් නවෝත්පාදන රටාවට නැඹුරුවෙමින් සිටී. නව තාක්ෂණික ක්‍රමවේද උපයෝගී කරගෙන නිෂ්පාදන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම ලෙස පවත්වාගෙන යාමට බොහෝ චීන ව්‍යවසායන් පියවර ගෙන තිබේ.

     

    වාර්තාව - අරෝෂා සමරදිවාකර

    චීනයේ බෙයිජිං නුවර සිට 

    Latest News