වෛරස වසංගතයෙන් චීන ආර්ථිකයට එල්ල වන බලපෑම් කෙටිකාලීන හා සීමිත බව චීනය පවසයි

පෙබ 22, 2020

    නව කොරොනා වෛරස වසංගතයෙන් චීන ආර්ථිකයට එල්ල වන බලපෑම් කෙටිකාලීන හා සීමිත බව චීන මහජන බැංකු උප අධිපති චෙන් යූලූ මහතා පවසයි.

    වර්තමානයේ නව කොරොනා වෛරස වසංගතය චීන ආර්ථිකයට තරමක කම්පනයක් සිදුකළ ද චීනය වසංගතය පාලනයෙන් ජගත් ප්‍රජාවේ අපේක්ෂාවන් අභිබවන ජය සැලකිල්ලට ගතහොත්, එම බලපෑම් කෙටිකාලීන හා සීමිත බව චෙන් යූලූ මහතා ඊයේ (21) ප්‍රකාශ කළේය.

    චීන ආර්ථිකයේ ඉහල ගුණාත්මකභාවයෙන් යුතු යහපත් වර්ධන ප්‍රවණතාව වෙනස් නොවූ බව ද ඔහු කීය.

    මේ අතර පසුගිය ජනවාරි මාසයේ චීනයේ ග්‍රාමීය ආර්ථිකය ස්ථිර තත්ත්වයක පැවතුණු බව චීන කෘෂි හා ග්‍රාමීය කටයුතු අමාත්‍යංශයේ නවතම සංඛ්‍යාලේඛනවලින් දැක්වෙයි.

    සීත කාලීන තිරිඟු වගාව ස්ථිර තත්ත්වයක පැවතුණු අතර වසන්ත සමයේ වගා කටයුතු විධිමත් ලෙස ක්‍රියාත්මක වෙමින් පවතී.

    එළවළු සැපයුම් ප්‍රමාණවත්ය.

    එහෙත් වසංගතය හා වසන්ත උත්සව පරිභෝජන සාධකය හේතුවෙන් එළවළු මිල ඉහල යාමක් පෙන්නුම් කර ඇත.

    Latest News