රුසියාව, ක්‍රෙමින්නා නගරය අත්පත් කර ගනී

අප්‍රේ 20, 2022

    රුසියානු හමුදා යුක්‍රේනයේ ඩොන්බාස් නගරයට එල්ල කරන ප්‍රහාර දැඩිකර තිබේ.

    කෙසේ වුවද, එම ප්‍රහාර සාර්ථකව මැඩපැවැත්වීමට යුක්‍රේන හමුදා ක්‍රියා කරමින් සිටින බව බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ වාර්තාවල සඳහන්. මේ අතර, රුසියානු හමුදා නැගෙනහිර යුක්‍රේනයේ ක්‍රෙමින්නා නගරය අත්පත් කරගෙන තිබේ.

    යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශ අත්පත් කර ගැනීම කෙරෙහි රුසියානු හමුදාව දැඩි අවධානය යොමු කර ඇතැයි විදෙස් වාර්තාවල සඳහන්.

    අද ක්‍රොමින්නා නගරය අත්පත් ගැනීමත් සමග එහි සිටි යුක්‍රේන හමුදා ඉවත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
    නගර ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර ඇත්තේ සෑම දෙසින්ම රුසියානු ප්‍රහාර එල්ල වූ බවයි.

    Last modified on බදාදා, 20 අප්‍රේල් 2022 10:53

    Latest News