අමෙරිකාවට හිම කුණාටුවක්...

අප්‍රේ 20, 2022

    අමෙරිකාවට මේ දිනවල හිම කුණාටුවකින් බලපෑම් එල්ල වී තිබෙනවා.

    විදුලිය ඇණහිටීමෙන් 300,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි, වාර්තා වන්නේ. වැඩිම බලපෑම් සිදුව ඇත්තේ අමෙරිකාවේ ඊශානදිග ප්‍රාන්තවලටයි. ඇතැම් ස්ථානවල අඩියකට අධික ඝනකමකින් යුත් හිමි තට්ටුවක් පවතිනවා. විදුලිය අහිමිවූ පිරිසෙන් 200,000කට අධික පිරිසක් නිව්යෝර්ක් ප්‍රාන්ත වැසියන්.

    පැයට කිලෝමීටර් 64කට අධික සුලං ප්‍රවාහයන් ද ඇතිවිය හැකි බවටයි, කාලගුණ විද්‍යා අංශ අනතුරු අඟවා ඇත්තේ. හිම දියවීමෙන් ගස් කඩාවැටීම් ඇතුලු තවත් අනතුරු රැසක අවදානමක් ද පවතිනවා. නිව්යෝර්ක් බලධාරීන් ජනතාවට දැනුම්දී ඇත්තේ, හැකිතාක් මහාමාර්ගවලින් ඉවත්ව සෙසු අතුරු මාර්ග භාවිත කරන ලෙසයි.

    Latest News