ඩොන්බාස් අත්පත් කරගැනීමේ සූදානමක්

අප්‍රේ 19, 2022

    රුසියාවේ මීළඟ අරමුණ යුක්‍රේනයේ ඩොන්බාස් නගරය මුළුමනින්ම අත්පත් කර ගැනීම බව, යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසයි.

    රුසියාව මේ වන විට දිගු දුර අවි භාවිත කරමින් දොස්බාස් නගරයට ප්‍රහාර එල්ල කරමින් සිටින බව, විදෙස් වාර්තාවල සඳහන්.

    වීඩියෝ තාක්ෂණය ඔස්සේ දේශනයක් පවත්වමින් යුක්‍රේන ජනාධිපතිවරයා ඊයේ ප්‍රකාශ කළේ, ඩොන්බාස් නගරයේ සටන් ආරම්භ වී ඇති බවයි. රුසියානු හමුදා යුක්‍රේනයේ කියෙව් නගරය අත්පත් කර ගැනීමට උත්සහ කළ ද අදාළ මෙහෙයුම් සාර්ථක කර ගැනීමට ඔවුන්ට නොහැකි විය.

    එබැවින් ඩොන්බාස් නගරය අත්පත් කර ගැනීමට රුසියාව සිය උපරිම යුධ ශක්තිය භාවිත කරනු ඇතැයි යුක්‍රේන බලධාරීන් ප්‍රකාශ කරයි.

    Latest News