ඇෆ්ගනිස්ථානයේ ගැහැණු දරුවන්ට පාසල් පැමිණීම තහනම්... ALJAZEERA

ඇෆ්ගනිස්ථානයේ ගැහැණු දරුවන්ට පාසල් පැමිණීම තහනම්...

මාර් 30, 2022

    ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් පාලනය ගැහැණු දරුවන් පාසලට පැමිණීම තහනම් කිරීමත් සමග ලෝක බැංකුව එරටට ලබාදෙන ආධාර රැසක් අත්හිටුවා තිබෙනවා.

    ලෝක බැංකුව, ඇෆ්ගනිස්ථානයේ ක්‍රියාත්මක ව්‍යාපෘති 4ක් මේ අනුව නවතා දමා තිබේ. ලෝක බැංකුව විසින් අත්හිටුවන ලද ව්‍යාපෘතිවල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 600ක් බවයි, විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ. එම ව්‍යාපෘතිවලින් අධ්‍යාපනය, සෞඛ්‍ය සහ කෘෂිකර්මාන්තය යන ක්‍ෂේත්‍ර වැඩිදියුණු කිරීමට නියමිතව තිබුණි.

    තලෙයිබාන් සංවිධානය විසින් මාස ගණනාවක් වසා දමන ලද පාසල් රැසක් පසුගිය සතියේ යළි විවෘත කළද, ඉන් පැය කිහිපයකට පසු ද්විතීක අධ්‍යාපනය ලබන ගැහැණු දරුවන්හට පාසල්වලට ඇතුල්වීම තහනම් කිරීමට තලෙයිබාන් පාලනය තීරණය කර තිබෙනවා. ඔවුන් පවසන්නේ, ගැහැණු දරුවන්ගේ පාසල් නිල ඇඳුම, ශරියා නීතියට සහ ඇෆ්ගනිස්ථාන සම්ප්‍රදායන්ට අනුකූල වෙන්නේ නම් පමණක් ගැහැණු දරුවන් සඳහා පාසල් යළි විවෘත කරන බවයි.

    Latest News