චීන-ශ්‍රී ලංකා විද්වත් හා විශේෂඥ සහයෝගිතා තර කෙරේ

මාර් 22, 2022

    චීනයේ සහ ශ්‍රී ලංකාවේ වියතුන් හා විශේෂඥයන්ගේ මාර්ගගත සංවාද සම්මන්ත්‍රණයක් පැවැත්වෙයි. ඒ, 18 වැනිදා, නිරිතදිග චීනයේ යුනාන් පළාතේ අගනුවර වන කුන්මිං හිදී ය.

    දෙරටේ විද්වත්හු සහ ව්‍යවසාය නියෝජිතයෝ 200 කට ආසන්න පිරිසක් වීඩියෝ ආකාරයෙන් මෙම අවස්ථාවට සහභාගි වූහ.

    චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානි සහ දේශපාලන උපදේශක Hu Wei යන මහත්වරු සමුළුවේදී දේශන පැවැත්වූහ.

    2021 දී, යුනාන් පළාත සහ ශ්‍රී ලංකාව අතර මුළු වෙළඳාම ඇමරිකානු ඩොලර් 50 ඉක්මවූ අතර, එය පෙර පැවති තත්ත්වයට වඩා සියයට 68.7 ක වර්ධනයක් බව, පළාත් විදේශ කටයුතු කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් Xia Jianfeng මහතා පැවසීය. Yunnan පළාතෙන් ශ්‍රී ලංකාවට කෙරුණු අපනයන හා එහි ශ්‍රී ලංකා ආනයන පිළිවෙළින් සියයට 67.3කින් සහ සියයට 133.3කින් ඉහළ ගොස් ඇති අතර, එය ප්‍රබල විභවතාවක් පෙන්නුම් කර ඇත.

    ජාත්‍යන්තර සහ කලාපීය කරුණු රැසක් සම්බන්ධයෙන් දෙරට පුළුල් එකඟතාවකට පැමිණ ඇති බවත්, මනා සහයෝගිතාවක් පවත්වා ගෙන යන බවත් සමුළුවට එක්වූ විද්වත්හු කියාසිටියහ. අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ පොදු සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම සඳහා දෙපාර්ශ්වය ආර්ථිකය, වෙළඳාම, නව බලශක්ති, වරාය, ඩිජිටල් ආර්ථිකය සහ වෙනත් ක්ෂේත්‍රවල හුවමාරු සහ සහයෝගිතා තවදුරටත් පුළුල් කළ යුතු බව ඔවුන්ගේ විශ්වාසයයි. චීන-ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 65 වැනි සංවත්සරය සහ රබර්-සහල් ගිවිසුම අත්සන් කිරීමේ 70 වැනි සංවත්සරය ද මෙහිදී සැමරිණ.

     

    අරෝෂා සමරදිවාකර - රූපවාහිනී වාර්තාකරු

    චීනයේ බෙයිජිං නුවර සිට 

     

    Last modified on අඟහරුවාදා, 22 මාර්තු 2022 10:11

    Latest News