ට්‍රම්ප් - කිම් ජොන්අන් සාකච්ජා අසාර්ථකයි

මාර් 03, 2019

    උතුරු කොරියානු නායකයා, වියට්නාමයේ සිට ආපසු තම රට බලා ඊයේ පිටත්ව ගොස් තිබේ.

    ඒ ඔහුගේ අධි ආරක්‍ෂිත දුම්රියෙන්. කිම් ජොන්-අන් වියට්නාමයට පැමිණියේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඓතිහාසික දෙවැනි හමුව සඳහායි.
    කිම්-ජොන්-අන්, ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවැත්වූ සාකච්ජා මෙවර සාර්ථක වී නොමැත.

    සාකච්ජා ආරම්භ වීමට පෙර දෙරටේම දැඩි උනන්දුවක් පැවතිණ. නමුත් සාකච්ජා අතරතුරදීම ඒවා අසාර්ථක වන බවට ඉඟි පළ විය. එසේම සාකච්ජා සැලසුම් කළ දිනට කලින් අවසන් වූයේ නිසි එකඟතාවකට එළඹීමට නොහැකිවීම හේතුවෙන්.

    විදෙස් මාධ්‍ය වාර්තා කළේ උතුරු කොරියාව විසින් මෙතෙක් සිදු කළ ක්‍රියාමාර්ගයන් වෙනුවෙන් සම්බාධක ලිහිල් කිරීමක් බලාපොරොත්තු වුවත් අමෙරිකාව ඊට සූදානම් නොවූ බවයි. සම්බාධක ලිහිල් කිරීමට නම් පූර්ණ න්‍යෂ්ටික අවි හරණයකට උතුරු කොරියාව අවතීර්ණ විය යුතු බව අමෙරිකාව අවධාරණය කර තිබේ.

    Latest News