ඉන්දු-පකිස්තාන් හමුදා අතර යළි දරුණු ගැටුම්

මාර් 03, 2019

    කාශ්මීර දේශසීමාවේදී ඉන්දු-පකිස්තාන් හමුදා අතර යළි දරුණු ගැටුම් හටගෙන තිබේ.

    ප්‍රහාරවලින් දෙපාර්ශවයේම පිරිසක් මියගියහ. පකිස්තාන අත්අඩංගුවේ සිටි ගුවන් නියමුවා ඉන්දියාවට යළි බාරදීමෙන් අනතුරුව ගැටුම් හටගෙන තිබේ. මතභේදාත්මක කාශ්මීර දේශසීමාවේ පිහිටි ඉලක්ක වෙත ඉන්දු-පකිස්තාන ආරක්‍ෂක අංශ ඉකුත් දින දෙකේ දී ප්‍රහාර එල්ල කර ඇත. ප්‍රහාරවලින් සිවිල් වැසියන් 6 දෙනෙකු මියගියහ.

    පකිස්තාන සෙබළුන් දෙදෙනෙකු ද මියගොස් ඇති බව, වාර්තාවේ. හන්ඩ්වාරා ප්‍රදේශයේ ගැටුම්වලදී ඉන්දීය ආරක්‍ෂක අංශ සාමාජිකයන් සිව් දෙනෙකු ද මියගොස් තිබේ. ගැටුම් උග්‍රවීමත් සමඟ ඉන්දු-පකිස්තාන දේශසීමා ආසන්න ගම්මාන රැසක සිවිල් වැසියන් විශාල පිරිසක් පළාගොස් ඇත.

    Pake px 900 03 03 19

    දේශසීමා ආසන්නයේ බංකර දාහතර දහසකට අධික සංඛ්‍යාවක් ඉදිකිරීමට ඉන්දීය ආරක්‍ෂක අංශ පියවර ගෙන ඇත්තේ, සාමාන්‍ය වැසියන්ට ආරක්‍ෂාව ලබාදීම සඳහායි. පාසල්, විශ්වවිද්‍යාල ඇතුළු සියලු අධ්‍යාපන ආයතන වසා දැමීමට ද පකිස්තාන බලධාරීන් ක්‍රියා කළේය.

    Latest News