අභිනන්දන් වර්ධමාන් සිය මබ්බිමට

මාර් 02, 2019

    පකිස්තාන අත්අඩංගුවේ සිටි ඉන්දීය ගුවන් නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්ධමාන් ඊයේ සිය මබ්බිමට ළඟාවිය.

    ඊයේ සවස 5.00 පමණ වනවිට ගුවන් නියමුවා නිල වශයෙන් ඉන්දියාවට බාරදෙන බවට මුලින් ප්‍රකාශ කර සිටි නමුත්, ඒ සඳහා ඔවුන්ට තවත් පැය 6කට වැඩි කාලයක් ගතවිය. 

    ගුවන් නියමුවා ඉන්දීය හමුදා වෙත බාරදීමට අපේක්‍ෂා කළ කාලයට වඩා වැඩි කාලයක් ගතවීම හේතුවෙන්, ගුවන් නියමුවා බාර නොදෙන බවට විවිධ මත පළ වී තිබිණ. දෙරට අතර සිදු කෙරෙන ලිපි ගණුදෙනු හේතුවෙන්. ගුවන් නියමුවා ඉන්දීය භූමියට පිවිසීම පවා වූ බව පසුව වාර්තා විය.

    කෙසේ වෙතත්, අවසානයේ අභිනන්දන් වර්ධමාන් සිය මව්රටට ඇතුළු වූ අතර, ඉන්දීය ආරක්‍ෂක අංශ ප්‍රධානීන් මෙන්ම, සිවිල් ජනතාව විශාල පිරිසක් ද ඔහු උණුසුම් ලෙස පිළිගත්තේය. සාමයේ සංකේතයක් ලෙස ඉන්දීය ගුවන් නියමුවා බාරදීමට කටයුතු කරන බව පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රකාශ කළේය.

    ඉන්දු-පකිස්තාන වගා දේශ සීමාවේදී නියමුවා නිදහස ලැබූ අතර, අනතුරුව ඔහු කියා සිටියේ පකිස්තාන ආරක්‍ෂක අංශ තමාව ඉතා හොඳින් රැකබලා ගත් බවයි. එසේම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ගුවන් නියමුවා උණුසුම් අයුරින් පිළිගෙන තිබේ. සමාජ මාධ්‍ය ඔස්සේ ඉන්දීය ජනතාව අභිනන්දන් වර්ධමාන් සැබෑ වීරයෙකු ලෙස සඳහන් කර තිබේ.

    Latest News